FAST NEWS

24×7 Around the Globe

බේරේ වැවේ ඉවුර පිරිසිදු කිරීමේ වැඩසටහනක් ලබන 21..

බේරේ වැව් ඉවුර පිරිසුදු කිරීමේ වැඩසටහනක් ලබන 21 වැනිදා පෙරවරු 8.00 සිට NOKunu කණ්ඩායම විසින් දියත් කිරීමට කටයුතු සූදානම්කර ඇත.
12 km ක ප්‍රමාණයකින් යුතු බේරේ වැව් ඉවුරේ 500 m ක ප්‍රමාණයේ කොටස් විවිධ කණ්ඩායම් යටතේ පිරිසුදු කිරීමට කටයුතු යොදා ඇති බවත් , සමාජසේවිකා ඉංජිනේරු සුමී මුණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන සිදුකිරීමටත් නියමිතව ඇත.
ඒ අනුව මේ සඳහා සහභාගි වීමට කැමැත්තක් ඇති සියලු දෙනා තම සනීපාරක්ෂාව සඳහා වූ අත්වැසුම්, මුඛ ආවරණ ඇතුළු අනෙකුත් අවශ්‍ය දෑ රැගෙනඑදිනට පැමිණෙන ලෙසට සංවිධායක මණ්ඩලය ඉල්ලා සිටියි.
කොළඹ මහ නගර සභාවේද සහයෝගයෙන් ක්‍රියාත්මක කරන මෙම වැඩසටන පිළිබඳ වැඩිදුර තොරතුරු 0718293535 යන දුරකථන අංකයෙන් හා nokunu125@gmail.com යන විද්‍යුත් ලිපිනය හරහා ලබාගත හැකිය.