FAST NEWS

24×7 Around the Globe

ඉහළ ගිය එළවළු මිල ඉදිරි සති දෙක තුළ පහළට…

මේ දිනවල ඉහළ ගොස් ඇති එළවළු මිල ගණන්, ඉදිරි සති දෙක ඇතුළත අඩු වනු ඇතැයි, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනය සදහන් කරයි.
අයහපත් කාලගුණය ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් සෑම වසරකම මේ කාලසීමාවේදී එළවළු මිල ඉහළයාම සාමාන්‍ය තත්වයක් බවත්, වෙළෙඳ පොළට වැඩි වශයෙන් අස්වනු ලැබීමත් සමඟ මිල ගණන් සැලකිය යුතු ලෙස අඩුවනු ඇති බවත් ඔවුන් පවසයි.
මේ අතර, සහල් සහ පොල් මිල ඉකුත් මාසයට සාපේක්‍ෂව අඩුවී තිබෙන බවත් පොල් ගෙඩියක මිල රුපියල් 10ත්, 15ත් අතර මිලකින් පහළ ගොස් තිබේ.
ආනයනික අර්තාපල් සහ ලොකු ලූනු මිල තරමක ඉහළ අගයක් ගෙන ඇත්තේ, රුපියල් 40ක බද්දක් පැනවීම හේතුවෙන් බවත්, ලබන මාසයේ සිට දේශීය ලොකු ලූනු සහ අර්තාපල් අස්වනු ලැබීමත් සමඟ එම මිල ගණන් ද අඩුවිය හැකි බවත් එම ආයතනය සදහන් කරයි.