FAST NEWS

24×7 Around the Globe

ට්‍රම්ප් කළ ප්‍රකාශයක් නැවත නිවැරදි කරගනී..

පසුගිය 2016 ජනාධිපතිවරණයට රුසියාවේ බලපෑමක් සිදුනොවූ බවට තමන් කළ ප්‍රකාශය වචන වැරදීමක් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.
පසුගියදා ෆින්ලන්තයේ – හෙල්සින්කි නුවරදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවීමෙන් පසු තමන් සිදුකළ ප්‍රකාශයක් නිවැරදි කරමින් ඇමරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.
රුසියානු ජනාධිපති සමග සාකච්ඡා සිදුකරන අවස්ථාවේ 2016 ජනාධිපතිවරණයට රුසියාවේ බලපෑමක් සිදුනොවුණු බවට ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශයක් නිකුත් කළේය.
නමුත් ඔහු දැන් පවසන්නේ එම ප්‍රකාශයේදී තමන්ට වචන වැරදුණු බවත්, තමන් ඉදිරිපත් වූ ජනාධිපතිවරණයේදී රුසියාව පැහැදිලි ලෙසම බලපෑමක් සිදුකළ බවත්ය.