FAST NEWS

24×7 Around the Globe

වසර 25 ට වැඩි තට්ටු නිවාස ඉවත් කිරීමට යයි..

වසර 25 කට වඩා පැරණි ප්‍රමිතියෙන් තොර රාජ්‍ය පෞද්ගලික අංශ මහල් නිවාස කඩා ඉවත් කිරීමට නව නීති සකස් කරන බව ආපදා කළමනාකරණ අමාත්‍යංශ ලේකම් සිසර කුමාර මහතා සඳහන් කරයි.
ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටි අතර, වසර 25 කට වඩා පැරණි මහල් නිවාස හිමිකරුවන් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් තත්ත්ව වාර්තා ලබාගත යුතු බවත්, එහිදී ඒවා භාවිතයට නුසුදුසු බවට තහවුරු වුවහොත් කඩා ඉවත් කිරීමට සිදුවන බවත් සදහන් කළේය.
ගොඩනැගිලි කඩා වැටීම නිසා ජනතාවට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුව තිබෙන බැවින් මෙම තීරණය ගත් බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.