FAST NEWS

24×7 Around the Globe

ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් අපේක්ෂා රෝහලට මිලියනයක ඖෂධ..

රුපියල් මිලියනයක් පමණ වටිනා ඖෂධ තොගයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ඒඩ් අරමුදල මගින් මහරගම අපේක්ෂා රෝහල වෙත ඊයේ (17) පරිත්‍යාග කරනු ලැබීය.
මෙම අවස්ථාව සදහා ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන්ම ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ද සහභාගී වූහ.
ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ මැදිහත්වීමෙන් මෙම පරිත්‍යාගය සිදුකළ අතර ක්‍රිකට් ක්‍රීඩකයන් රෝගී දරුවන් සමගින් කාලය ගතකරන අයුරුද දක්නට ලැබීය.