FAST NEWS

24×7 Around the Globe

පුටින් හමුවේ ට්‍රම්ප් කළ ප්‍රකාශයකට විරෝධය..

ඇමරිකානු ජනාධිපතිවරණයට රුසියාව මැදිහත්වීමක් සිදුනොකළ බවට එරට ජනාධිපති හමුවේ ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශය එරට කතානායක පෝල් රයන්ගේ දෝෂ දර්ශනයට ලක්ව ඇත.
රයන් සදහන් කර සිටින්නේ ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය හරහා ඇමරිකානු රහස් ඔත්තු සේවා හෑල්ලුවට ලක් කර ඇති බවයි.
ඇමරිකානු රහස් ඔත්තු සේවා ප්‍රකාශ කර තිබුණේ ඇමරිකානු ජනාධිපතිවරණයට රුසියාව මැදිහත්වීමක් සිදුකළ බවයි.
ඒ සම්බන්ධයෙන් විමර්ශණ සිදුවන අතරතුර ඇමරිකානු ජනාධිපති සහ රුසියානු ජනාධිපති අතර ඊයේ (16) පැවති සාකච්ජාවේදී මෙම කරුණු රාජ්‍ය නායකයින් දෙදෙනාම ප්‍රතික්ෂේප කර ඇත.
කෙසේ වෙතත් රිපබ්ලිකන් පක්ෂ කතානායක පෝල් රයන් කියා සිටින්නේ රුසියාව සමඟ කිසිදු මිත්‍රත්වයක් නොපැවැත්විය යුතු බවයි.