හවායි දූපතේ පිහිටි කිලෙව්යා ගිනිකන්ද විදාරණය වීම හේතුවෙන් සංචාරක යාත්‍රාවකට හානී සිදුවී පුද්ගලයන් 13 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගිනිකන්ද පිපිරීමෙන් පිටවූ ගල් කැබිලි සහ අපද්‍රව්‍ය එම යාත්‍රාවේ වහලයට වැදී අනතුර සිදුව ඇති බව වාර්තා වන අතර එහි තුළ සිටි මගීන් මේ හේතුවෙන් පිළිස්සුම් තුවාල ලබා තිබේ.
පසුගිය මැයි මාසයේ සිට එම ගිනිකන්ද සක්‍රිය වෙමින් පවතින අතර ගිනිකන්දෙන් වරින් වර පිටවූ ලාවා නිරීක්ෂණය කිරීම සඳහා යත්‍රා වලින් සංචාරකයින් එම ප්‍රදේශයට ගමන් කරන බවද හවායි රජය වාර්තා කරයි.












