FAST NEWS

24×7 Around the Globe

තරගාවලිය අත්හැර ෂම්සි හදිස්සියේම අප්‍රිකාවට යයි..

පුද්ගලික කරුණක් හේතුවෙන් දකුණු අප්‍රිකා දඟ පන්දු යවන ක්‍රීඩක ටැබ්රේස් ෂම්සි ශ්‍රී ලංකා තරග සංචාරයෙන් ඉවත්ව ඇති බව වාර්තා වේ.
මේ වනවිට ඔහු දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගොස් ඇති අතර නැවත පැමිණෙන දිනයක් හෝ ඔහු වෙනුවට නම් කෙරෙන ආදේශක ක්‍රීඩකයෙකු පිළිබඳ නිල තහවුරු කිරීමක් මෙතෙක් ප්‍රකාශයට පත් වී නොමැත.
ශ්‍රී ලංකාව සමග පැවති පළමු තරගයේදි ෂම්සි කඩුළු 04 ක් දවා ගැනිමට සමත් වුයේය.
ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 20 වැනිදා කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතය.