FAST NEWS

24×7 Around the Globe

ඇමරිකානු – රුසියානු නායකයින්ගේ සාකච්ඡා සාර්ථකයි..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර හමුව ඊයේ (16) ෆින්ලන්තයේ – හෙල්සින්කි නුවරදී පැවැත්වුණි.
පැය 2 කට ආසන්න කාලයක් පැවති රාජ්‍ය නායකයන් දෙපළගේ මෙම හමුව සාර්ථකව අවසන් කෙරුණු බව ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් සදහන් කර ඇත.
2016 ඇමරිකානු ජනාධිපතිවරණය සම්බන්ධයෙන් රුසියාවට එල්ල වන චෝදනා, රාජ්‍ය නායකයින් දෙදෙනා විසින්ම මෙහිදී ප්‍රතික්ෂේප කර තිබෙන අතර ඇමරිකානු ජනාධිපතිවරයා මොස්කව් පාලනය සමඟ සුවිශේෂී සබදතාවක් ඇති කර ගැනීමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කර ඇත.
දෙරට අතර පවතින මිත්‍රත්වය සහ සබඳතා පළුඳු නොවී තබා ගැනීම දෙපාර්ශවයේම වගකීම බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.