FAST NEWS

24×7 Around the Globe

එල්ලුම් ගහට පඹයෙක් යවයි..

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීමට පෙර එහි ක්‍රියාකාරී තත්ත්වය සොයා බැලීම සඳහා පඹයකු (ඩමියක්‌) යොදවා අත්හදා බැලීමක්‌ කරන බව බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල් නිශාන් ධනසිංහ මහතා සදහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එල්ලුම් ගහ දැනටමත් අලුත්වැඩියා කර ඇති බවත්, අලුගෝසුවකු බඳවා ගැනීමෙන් පසු එල්ලුම් ගහේ පාලන කටයුතු තමන් වෙත පවරන බවත්ය.
මනුෂ්‍යයකුගේ බරට සමාන බරින් යුත් පඹයකු යොදාගෙන එල්ලුම් ගහේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අත්හදාබැලීමේ කටයුත්ත ඉදිරි දින කීපයේදී සිදු කිරීමට නියමිතය. මේ අතර අලුගෝසු තනතුර සඳහා කාන්තාවන් බඳවා ගැනීමේ ක්‍රමවේදයක්‌ නොමැති බවද නිශාන් ධනසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.