FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර පළාතේ ජනතාවට උවදුරු වර්ග 05ක්…

සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ඇති සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සදහන් කරන ආකාරයට  බස්නාහිර පළාත තුළ සිටින ජනතාව සෞඛ්‍යමය වශයෙන් උවදුරු පහකට ගොදුරුවී ඇත. ඒ, රිය අනතුරු, ඩෙංගු රෝගය, ඒඩ්ස් පැතිරයෑම, දියවැඩියාව සහ මත්ද්‍රව්‍ය යන උවදුරුයි.
මේ හේතුවෙන් දැවැන්ත සෞඛ්‍ය අර්බුද මතුවී තිබෙන බවද එම කාර්යාංශය සදහන් කරයි.
ශ්‍රී ලංකාවේ ජනඝනත්වය වැඩිම පළාත වන බස්නාහිර පළාත ශීඝ්‍රයෙන් කාර්මීකරණය වීම නිසා වර්ධනය වන මහජනතාවට අහිතකර තත්ත්වයන් වහා පාලනය කළ යුතු බවත්,මේ සඳහා ක්ෂණික සහ තිරසර වැඩසටහන් අත්‍යවශ්‍යවී තිබෙන බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
මෙම පසුබිම තුළ ජනතාව අනිසි ජීවන රටාවෙන් මුදවාගැනීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන සමාජ අලෙවිකරණ වැඩසටහනක් දියත් කිරීමට බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය තීරණය කර තිබෙන බවද එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.