FAST NEWS

24×7 Around the Globe

ලෝකයේම අවදානය දිනාගෙන වාර්තා අතරට එක්වූ එම්බාපේ..

පාපන්දු ලෝක කුසලාන අවසන් මහ තරගයකදී ගෝලයක් වාර්තා කළ ළාබලම ක්‍රිඩකයන් අතරින් දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ප්‍රංශ ක්‍රීඩක ක්ලියන් එම්බාපේට හැකියාව ලැබිණි.
ඊයේ (15) රුසියාවේ පැවැති අවසන් මහ තරගයේදී එම්බාපේ ගෝලයක් වාර්තා කළ අතර එදිනට ඔහුගේ වයස අවුරුදු 19 දින 207ක් විය. ප්ලේ 1958 වසරේ පැවැති ලෝක කුසලාන අවසන් මහ තරගයේදී ගෝලයක් වාර්තා කරන විට වයස අවුරුදු 17 දින 249ක් විය.
මෙවර තරගාවලියේ දක්ෂතම යොවුන් ක්‍රීඩකයා ලෙස සම්මාන හිමිකරගත්තේද එම්බාපේය.
ප්‍රංශ කණ්ඩායමේ කළමණාකරු ඩෙස්චෑම්ප් ක්‍රීඩකයෙක් ලෙස මෙන්ම කළමණාකරුවෙක් ලෙස ලෝක කුසලානයක් දිනූ තෙවැන්නා විය.