FAST NEWS

24×7 Around the Globe

එජාපයෙන් තවත් ඇමතිවරියක් එයි..!!!

එක්සත් ජාතික පක්ෂයෙන් මාතලේ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය පක්‍ෂය වෙනුවෙන් හා ජනතාව වෙනුවෙන් මහඟු සේවාවක් ඉටු කරන බැවින් ඇයගේ කාර්යයන් තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට කරගෙන යා හැකි අයුරින් දැනට හිස්ව ඇති ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයට ඇයව පත් කරන ලෙස මාතලේ දියබුබුල එජාප ශාඛාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලා ඇති බව සිරිකොත ආරංචි මාර්ග පවසයි.
කොටි සංවිධානය පිළිබඳ ආන්දොලනාත්ම ප්‍රකාශයක් කිරිම හේතුවෙන් පසුගියදා විජේකලා මහේෂ්වරන් මහත්මිය තමා දැරූ ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් විමට කටයුතු කිරිමෙන් මෙම අමාත්‍ය ධූරය හිස්විය ඇති විය.