FAST NEWS

24×7 Around the Globe

ඇමරිකානු හා රුසියානු නායකයන්ගේ හමුව අද..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් අතර හමුවක් අද (16) ෆින්ලන්තයේ – හෙල්සින්කි නුවරදී පැවැත්වීමට නියමිතව ඇත.
ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු නායකයා හමුවන්නේ රුසියානු බුද්ධි අංශ නිලධාරීන් පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ ඊමේල් පණිවුඩ අයුතු ලෙස භාවිත කළ බවට චෝදනා එල්ලවන අතරතුරදීයි.
යුරෝපා සංගමය / මහා බ්‍රිතාන්‍යය සහ අමෙරිකාවට බලපාන කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කරනු ඇති.