FAST NEWS

24×7 Around the Globe

වැරදුන තැන හා දිමුත් ගැන ෆෆ් ගෙන් ප්‍රකාශයක්…

ගාලු තණතීරුවේ දඟ පන්දු යවන්නන්ට මුහුණ දීමට හැකි පරිදි පෙර පුහුණුවීම් කළද තරගයේදී තත්ත්වය වෙනස්‌ වූ බව දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩුප්ලෙසිස්‌ පසුගියදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාගණයේදි පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පිළිබඳව අදහස් දක්වමීන් මාධ්‍ය වෙත සඳහන් කළේය.
”අපි ගොඩක්‌ මහන්සියෙන් තත්ත්වයට හුරු වෙන්න පුහුණුවීම් කළා. එහෙත් තණතීරුවේදී තත්ත්වය වෙනස්‌ වුණා. නමුත් පළමු ඉනිමේදී අපේ අතින් වැරදි වුණා. ඒ නිසා ශ්‍රී ලංකාවට ලකුණු 287 ක්‌ ලබා ගන්න පුළුවන් වුණා. දිමුත් කරුණාරත්න මෙවැනි තණතීරුවක ඉතාමත් හොඳින් ක්‍රීඩා කළා. ඒක විශිෂ්ට ඉනිමක්‌. කොහොම වුණත් අපිට ලැබුණ ඉලක්‌කය අසීරු එකක්‌” යෑයි දකුණු අප්‍රිකානු නායකයා වැඩි දුරටත් පවසයි.
DE සිල්වා