FAST NEWS

24×7 Around the Globe

ප්‍රංශය 2018 පාපන්දු ලෝක කුසලානය දිනා ගනියි…

රුසියාවේ පැවත්වුණු 2018 ෆිපා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගයේදි ක්‍රොඒෂියාව ගෝල 4-2 ලෙස පරාජයට පත් කරමින් ශුරතාවය දිනා ගැනිමට ප්‍රංශ කණ්ඩායම මීට සුළු මොහාතකට පෙර සමත් විය.
තරගයේ 18 වැනි මිනිත්තුවේදි ක්‍රොඒෂියාවෙි ක්‍රීඩකයෙක් සිය දැළ තුලටම පන්දුව දමා ගනිමින් ප්‍රංශය වෙත පළමු ගෝලය වාර්තා කර දුන්නේය.
අනතුරුව තරගයේ 38 ,59,65 යන මිනිත්තුවලදි ප්‍රංශ ක්‍රීඩකයින් සිය කණ්ඩායම වෙනුවෙන් ගෝල වාර්තා කිරිමට සමත් වුහ.
එසේම ක්‍රොඒෂියාව වෙනුවෙන් 28 වැනි හා 69 වැනි මිනිත්තුවලදි ගෝල ද්විත්වයක් වාර්තා විය.
මේ අනුව ප්‍රංශය කණ්ඩායමක් පාපන්දු ලෝක කුසලානයක් දිනාගත් දෙවැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර 1998 දි පළමු වරට ඔවුහු ලෝක කුසලානයක් දිනා ගැනිමට සමත් වුහ.

De සිල්වා