FAST NEWS

24×7 Around the Globe

ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගේ මාසික ආදායම මෙන්න…

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන ප්‍රභල ක්‍රීඩකයෙක්ගේ මාසික ආදායම රුපියල් කෝටිය ඉක්මවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා සිටියි.
මන්ත්‍රීවරයා දැක්වූ වැඩිදුර අදහස්,
“අපේ රටෙත් ජාතික මට්ටමේ ක්‍රීඩා කරන ප්‍රබල ක්‍රීඩකයෙක්ගෙ මාසික ආදයම ලක්ෂ 100 ට වැඩියි. ඒ නිසා ක්‍රීඩාවෙන් නිරෝගි දරුවෙක් බිහිවෙනව වගේම ක්‍රීඩාවෙන් එහාට ගොඩාක් දේ කරන්න පුලුවන් බවද මන්ත්‍රීවරයා කීය.
මම අමාත්‍යවරයා වෙලා ඉන්න කාලෙ ලෝක 2020 ක්‍රීඩා තරගාවලිය දින්න, ආසියානු තරගාවලිය දින්න,ලෝක කුසලානෙ අර්ධ අවසාන වටයට ගියා. ඒ දවස්වල සමහරු කිවුව මහින්ද රාජපක්ෂ මහත්තය ක්‍රිකට් මැච් බලන්න එද්දි ක්‍රිකට් තරග පරදිනව කියල. අපේ ක්‍රිකට් කණ්ඩායම ශේණි ගත කිරිමෙ කොතනද දැං ඉන්නෙ. මේ වගේ තරග පරාජයන් ඉතිහාසෙ කොහෙවත් දැකලා නෑ.”