FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව 272 ක් ඉදිරියෙන්..

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදි  පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමාවන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රි ලංකා කණ්ඩායම කඩුලු 04 ක් දැවී ලකුණු 111ක් රැස්කරගෙන සිටියි.
ඒ අනුව ශ්‍රි ලංකා කණ්ඩායම මේ වන විට ලකුණු 272ක් ඉදිරියෙන් පසුවෙයි.
දිනය නිමා වන විට ඇන්ජලෝ මැතිව්ස් (14) හා රොෂේන් සිල්වා (10) නොදැවී පන්දුවට පහරදෙමින් සිටියහ.
ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 287ක් රැස්කළ අතර පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාවට සිය පළමු ඉනිමට රැස්කළ හැකිවූයේ ලකුණු 126ක් පමණි.
අද (14) තරගයේ තෙවැනි දිනයයි.

De සිල්වා