FAST NEWS

24×7 Around the Globe

තිලාන් දුන් නියෝගයක් හා චන්දිමාල් ගැන දිමුත්ගෙන් ප්‍රකාශයක්..

සියලු පිතිකරුවන් දැවී ගියද තමාට නොදැවී ක්‍රීඩා කරන ලෙස පුහුණුකරු තිලාන් සමරවීර පැවසූ බව ශ්‍රී ලංකාව වෙනුවෙන් නොදැවි ලකුණූ 158 ක් ලබාගත් දිමුත් කරුණාරත්න දකුණූ අප්‍රිකාව සමග ඊයේ (12) ආරම්භ වු පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමීන් ප්‍රකාශ කළේය.
එහිද වැඩි දුරටත් අදහස් දැක්වු දිමුත්…
“මේ ඉනිම මගේ ජීවිතයේ ලබාගත් හොඳම ඉනිම් තුන අතර තියෙනවා. ලෝකයේ හොඳම වේග පන්දු යවන්නන්ට එරෙහිව මම මගේ විදිහට තමයි සැලසුම් කළේ පහර දෙන්න. නමුත් පළමු ඕවර පහළොව ලේසි වුණේ නැහැ. මට තිලාන් අයියා කිව්වේ අනිත් පැත්තේ සේරම අවුට්‌ වුණත් ඔයා නොදැවී ඉන්න ඕන කියලා”
චන්දිමාල් නොමැතිවීම පාඩුවක්‌ වුණත් කණ්‌ඩායමේ මානසිකත්වය ඉතාමත් ඉහළ මට්‌ටමක තිබෙන බවත් වෙනදා දකින්න ලැබෙන ගාලු තණතීරුවට වඩා මෙවර ටිකක්‌ වෙනස්‌ ආකාරයෙන් තණතීරුවේ ඉපිලීමක්‌ තිබූ බවත් හෙතෙම මෙහිදි පැවසීය.