FAST NEWS

24×7 Around the Globe

මේ වසරේ කර්මාන්ත අංශය තුළ 2%ක වර්ධනයක්..

ඉකුත් 2017 වසරේ මැයි මාසයට සාපේක්ෂව මේ වසරේ නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි නිෂ්පාදන ධාරිතාවය 2% ක වැඩිවීමක් වාර්තා වී ඇති බව ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.
රසායනික හා රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන, පිරිසකසන ලද ලෝහ නිෂ්පාදන සහ අඟුරු නිෂ්පාදන මෙන්ම ඛනිජ තෙල් ද්‍රව්‍ය පිරිපහදුව යන අංශ මෙලෙස ඉහළ යෑම ඊට හේතුව ලෙස වාර්තා වෙයි.
නමුත් ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටින්නෙ පසුගිය වසරට සාපේක්ෂව විදුලි උපකරණ නිෂ්පාදනය සහ යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනවල අඩුවීමක් පෙන්නුම් කරන බවයි.
D.Undugoda