FAST NEWS

24×7 Around the Globe

ජනපතිතුමාට රට සංවර්ධනය කිරීමට ඉඩ නොදෙන අය ගැන එස්.බී කියයි..

ලංකාවේ ආර්ථීකය සංවර්ධනය කිරීමේ අවංක උවමනාවක් ජනාධිපතිතුමාට ඇති නමුත් අගමැතිවරයා සහ මුදල් අමාත්‍යවරයා එයට ඉඩ ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා සදහන් කරයි.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඊයේ (12) ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායමේ මාධ්‍ය හමුවක් අමතමින්.
මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ මෙරටින් බිහිවූ ප්‍රවීණ ආර්ථීක විශෙෂඥයෙකු වන ඇමෙරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ ආර්ථීක විද්‍යා මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා ද ගෙන්වා ජනාධිපතිවරයා ආරම්භ කළ ආර්ථීක කවුන්සිලයට මුදල් අමාත්‍යාංශය කිසිම සහයෝගයක් ලබානොදෙන බවයි.
මෙරට ආර්ථීක දියුණුව වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ ආර්ථීක කළමනාකරණ කමිටුව අහෝසි කර ආර්ථීක කවුන්සිලයක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිදුවූයේ දිගින් දිගටම රටේ ආර්ථීකට පිරිහීම හේතුවෙන් බව ද දිසානායක මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සදහන් කළේය.