FAST NEWS

24×7 Around the Globe

ඩොනල්ඩ් ට්‍රම්ප් විරෝධතා මැද ලන්ඩනයට…

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව, සිය ප්‍රථම බ්‍රිතාන්‍ය චාරිකාව අරඹමින් ඊයේ (12) ලන්ඩනය බලා පිටත් වුණේය.
ට්‍රම්ප්ට එරෙහිව ලන්ඩනයේ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාකරුවන් දහසක් පමණ රැදී සිටි බවත් වාර්තා වෙයි.
කෙසේ නමුත් රතු පලස මතින් පිළිගැණුනු ඇමරිකානු ජනාධිපතිවරයා වෙනුවෙන් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ රාත්‍රී භෝජන සංග්‍රහයක්ද සූදානම්කර තිබුණි. ට්‍රම්ප් අද (13) දිනයේ දෙවන එලිසබෙත් මහරැජින මුණ ගැසීමට නියමිතව ඇත.
ඇමරිකානු ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය පුවත්පතක් වෙත ප්‍රකාශ කර ඇත්තේ යුරෝපා සංගමයෙන් වෙන් වීම සදහා වන අගමැතිනි තෙරේසා මේ ගේ සැලැස්ම ක්‍රියාත්මක වුවහොත් ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය අතර, සබදතා ගොඩනැගීම දුෂ්කර වනු ඇති බවයි.
එසේ වුවහොත් බ්‍රිතාන්‍යය අත්හැර යුරෝපා සංගමය සමග සබදතා ගොඩනැගීමට සිදුවිය හැකි බව ට්‍රම්ප් කියා සිටියේය.