FAST NEWS

24×7 Around the Globe

මරණ දඩුවම හිමි අයගේ ලැයිස්තුව ජනපතිට තවම දී නැහැ..

මරණ දඬුවම ලබාදිය යුතු පිරිසගේ ලැයිස්තුව ජනාධිපතිතුමා විසින් තමාට ලබාදෙන ලෙස පෙරේදා (10) පස්වරුවේ අධිකරණ අමාත්‍යංශය දැනුවත් කළත් මේ වනතෙක් අදාළ ලයිස්තුව ජනපතිවරයා වෙතට ලබාදී නොමැත.
අදාළ ලේඛනය ලැබීමෙන් පසුව එයට අත්සන් තැබීමට සූදානම් බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත. මෙලෙස තොරතුරු ඉල්ලා ඇත්තේ මත්ද්‍රව්‍ය හේතුවෙන් මරණීය දණ්ඩනයට නියම වී සිටියදීත් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන සිරකරුවන් පිළිබඳවයි.
ඒ ආකාරයට මරණ දඬුවම ලබාදීමට සිරකරුවන් 13 දෙනෙක් සිටින බව වාර්තා වෙයි.
සැකකරුවන් 06 දෙනෙකු තම දඬුවමට එරෙහිව අභියාචනා ගොනු කර ඇති අතර මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමට නම් ඒ සඳහා කඩිනමින් ගත යුතු ක‍්‍රියාමාර්ග රැසක් පවතින බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කරයි.
මේ අතර ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කර සිටින්නේ මරණ දඬුවම ලබාදීමට ශ‍්‍රී ලංකාව ගෙන ඇති තීරණයට එකග විය නොහැකි බවයි.