FAST NEWS

24×7 Around the Globe

එල්ලුම්ගස ගැන අගරදගුරුතුමා කියූ දේ…

බන්ධනාගාරගත වූ දරුණු අපරාධකරුවන් බන්ධනාගාර තුළම සිට චණ්‌ඩිකම් දාමරිකකම් සිදු කරනවා නම් එල්ලුම්ගස නියම කිරීම වරදක්‌ නැතැයි අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා පවසා සිටියි.
අගරදගුරුතුමා තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, ජීවිතයක්‌ අපට දෙන්නත් බැහැ, ගන්නත් බැහැ. වරදට නියම වී බන්ධනාගාරගත වූ සමහරු එහි තුළ සිටම එම අපරාධ දාමරිකකම් මෙහෙයවන බවයි. සමාජයක්‌ හදාගන්න බැහැ. මත්කුඩු ජාවාරම් සිදුවෙනවා.
ඒ වගේම බන්ධනාගාරගත වී සිත්තැවුලෙන් හිත හදාගෙන සිටින පිරිසක්‌ ද සිටිනවා.
ඔවුන් පිළිබඳව සාධාරණයක්‌ යොමු කළාට වරදක්‌ මම දකින්නේ නැහැ. මේ අනුව දරුණු වැරදිකරුවන් තවදුරටත් බන්ධනාගාරය තුළ සිටම එම ක්‍රියාවේ නිරත වෙමින් අපරාධ, චණ්‌ඩිකම්, ජාවාරම් මෙහෙයවනවා නම් එල්ලුම්ගස ක්‍රියාත්මක කිරීමේ කිසිදු වරදක්‌ නොදකින බව අගරදගුරුතුමා වැඩිදුරටත් සදහන් කළේය.