FAST NEWS

24×7 Around the Globe

නායකත්වයේ වගකිම ලක්මාලට හා කුසල්ට පැවරෙයි..

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා නායකත්වයේ වගකිම වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ට හට පැවරු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.
මේ අනුව සුරංග ලක්මාල් දැරූ කණ්ඩායමේ උපනායකත්වය කුසල් මෙන්ඩිස් වෙත පවරා ඇත.
පසුගියදා නිමාවු සංචාරක ශ්‍රී ලංකා හා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට පන්දුව පළුඳු කිරීමේ චෝදනා එල්ල වූ අතර එයට විරෝධය දක්වමින් කණ්ඩායම ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ඊයේ (11) අයි.සී.සී යෙන් පැවැත්වු විනය පරික්ෂණයෙන් වරදකරු විම නිසා චන්දිමාල්ට ටෙස්ට් තරග දෙකක් පැනවිම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන තිබේ.
එසේ කණ්ඩායම් පුහුණූකරු වු චන්දික හතුරුසිංහට හා කළමනාකරු වු අසංක ගුරුසිංහද මෙම විනය පරික්ෂණයෙන් වරදකරුවන් වු අතර ඔවුන්ටද තරග දෙකක තහනමක් පැනවිණි.
මේ අනුව අද (12) ආරම්භ විමට නියමීත දකුණූ අප්‍රිකාව සමග පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ මෙහෙය විමේ වගකිම සුරංග ලක්මාල් විසින් දරණු ඇත.
DE සිල්වා