FAST NEWS

24×7 Around the Globe

ලංගමටත් ඇප් එකක්…

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පිටකොටුව බස් පර්යන්තයෙන් ආරම්භවන දුරගමන් බස් රථවල ආසන වෙන්කර ගැනීම සඳහා ලබන 16 වැනිදා ජංගම දුරකථන මෘදුකාංගයක් (ඇප් එකක්) හඳුන්වාදීමට නියමිත බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව ඕනෑම දිස්ත්‍රික්කයකට ධාවනය වන බස්රථ සඳහා භාවිත කළ හැකි පරිදි එම ජංගම දුරකථන මෘදුකාංගය සකස් කර තිබෙන අතර, නිවසේ සිට බස් රථයේ කැමති ආසනයක් කැමති දුරකට වෙන්කර ගැනීමට මගීන්ට අවස්ථාව සැලසෙන බව එම අමාත්‍යංශය කියයි.
මෙම සේවාව ලබාදීම වෙනුවෙන් සාමාන්‍ය බස් ගාස්තුවට අමතර රුපියල් 80 ක මුදලක් අයකෙරෙන අතර, බැංකු හා ඊසි කෑෂ් යන ක්‍රම මගින් මුදල් ගෙවීමට හැකිය.
ඉදිරියේදී අනෙකුත් ප්‍රධාන නගරවලට මෙම ක්‍රමය හඳුන්වාදීමට නියමිත බවත් ප්‍රවාහන අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කරයි.