FAST NEWS

24×7 Around the Globe

රංගන හේරත්ගෙන් සමුගැනිම ගැන ප්‍රකාශයක් නිකුත් වෙයි..

එළඹෙන නොවැම්බර් මාසයේ එංගලන්තය සමග ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය තමන් ක්‍රීඩා කරන අවසන් තරගාවලිය විය හැකි බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් මාධ්‍ය වෙත සඳහන් කර ඇති බව ක්‍රීක් ඉන්ෆෝ වෙබි අඩවිය වාර්තා කර තිබේ.
මෙ අනුව ලබන බ්‍රහස්පතින්දා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ආරම්භවන ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලියෙන් පසු කණ්ඩායමේ නායකයා හා කළමනාකාරිත්වය සමග සාකච්ඡා කර මේ ගැන අවසාන තීරණයක් ගන්නා බවද හෙතෙම සඳහන් කර ඇති බවද පැවසේ.
ටෙස්ට් තරග 90ක දී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති රංගන ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් කඩුළු 418ක් බිඳ හෙළිමට සමත් සිටියි.
DE සිල්වා