FAST NEWS

24×7 Around the Globe

සති දෙකක කාලයක් තායි ගුහාවේ සිරවී සිටි ළමුන් බේරාගැනේ…

පසුගිය 23 වනදා තායිලන්තයේ ගුහාවක සිරවී සිටි පාපන්දු කණ්ඩායමේ සියලු සාමාජිකයින් සහ පුහුණුකරු මුදා ගැනීමට කිමිඳුම් කණ්ඩායම් වලට ඊයේ(10) හැකියාව ලැබුණි.
සති දෙකක් පුරා ක්‍රියාත්මක වූ බේරාගැනීමේ මෙහෙයුම් අවසන් වුනේ දරුවන් සියලුදෙනා සහ පුහුණුකරුට කිසිදු උපද්‍රවයකින් තොරව බේරාගනිමින්. නමුත් මේ මෙහෙයුම් අතරතුර ස්වේච්චාවෙන් ඉදිරිපත් වූ තායිලන්ත කිමිඳුම්කරුවකු ඔක්සිජන් නොමැති කමින් මිය ගියේය.
‘Tham Luang’ ලෙන් සංකීර්ණයේ සිදු කෙරෙන බේරා ගැනීමේ මෙහෙයුම ජාත්‍යන්තර අවධානයට ලක්වු අතර ජාත්‍යන්තරයේ නමක් දිනා ඇති ඉහල සුදුසුකම් ලත් විශිෂ්ඨ ගනයේ කිමිඳුම් කරුවන් 50 දෙනකු පමණ මෙම බේරාගැනීමේ මෙහෙයුම් සදහා එක්විය.
මේ දැවැන්ත මෙහෙයුම සඳහා විදෙස් විශේෂඥයන්ගේ සහාය සහ තාක්ෂණික දැනුම තායිලන්ත රජයට ලැබුණු අතර, විදෙස් නායකයන් මෙන්ම ලෝකයම මෙම මෙහෙයුම දෙස වඩාත් අවධානයෙන් බලා සිටියහ.
මෙම මෙහෙයුම සාර්ථකව අවසන් වනවිටම ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, බ්‍රිතාන්‍ය අගමැතිනී තේරේසා මේ ආදී රාජ්‍ය නායකයන් ට්විටර් පණිවුඩ නිකුත් කරමින් මෙහි සාර්ථකත්වයට සුබපැතුම්ද එක්කර තිබුණි.