FAST NEWS

24×7 Around the Globe

හජ් වන්දනාව සම්බන්ධයෙන් සිදුවූ අක්‍රමිකතාවට පරීක්ෂණයක්…

හජ් වන්දනාව වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් යොමු කිරීමේ කෝටාවේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ හා වංචා සම්බන්ධයෙන් ජනපති විමර්ශන ඒකකය මගින් පවත්වනු ලබන පරීක්ෂණයේ ප්‍රකාශ ලබා ගැනීම සඳහා තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩී.බී. මීගස්මුල්ල මහතා හා එහි සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ එම්.ආර්.එම්. මලික් මහතාට හෙට (12) පැමිණෙන ලෙස දන්වා තිබේ.
පසුගිය 25 දා සමස්ත ලංකා හජ් සංවිධානයේ උපසභාපති ආචාර්ය එම්.එස්.එම්. මොහොමඩ් මහතා ඇතුළු 55ක් ගොනු කළ පැමිණිල්ලකින් සඳහන් කළේ තැපැල් හා මුස්ලිම් ආගමික අමාත්‍යාංශයේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට අනියුක්ත හජ් කමිටුවට ලද රුපියල් මිලියන 86.4ක මුදලක් අවභාවිත කර ඇති බවටය.
මේ සම්බන්ධයෙන් ජනපති විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කළ අතර, හජ් නියෝජිතයන්ගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
මීට පෙරද හජ් කමිටුවට හජ් නියෝජිතයන් චෝදනා කර තිබුනේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයන් පිළි නොගනිමින් ඔවුන් කටයුතු කරන බවටයි.