2050 වසර වන විට ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රාජ්‍යයක් බවට පත්කරලීම සඳහා අවශ්‍ය පදනම හා සැලැස්ම සකස්කර අවසන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි.
අග්‍රාමාත්‍යවරයා මේ පිළිබදව අදහස් පළකර සිටියේ සිංගප්පූරු වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යංශය සහ සිංගප්පූරු ව්‍යාපාරික සමුළුව සමග එක්ව සංවිධානය කෙරුණු ශ්‍රී ලංකා – සිංගප්පූරු ව්‍යාපාරික හමුවේ ප්‍රශ්නෝත්තර වාරයකට සහභාගි වෙමින්ය.
මෙම කාර්යභාර්ය ඉතා අභියෝගාත්මක බවත්, විවිධ මතිමතාන්තර දරන පුද්ගල සමූහයක් සමග ඉතා ඉවසිලිවන්තව හා විමසිලිවන්තව මෙම කාර්යය ඉදිරියට ගෙන යායුතු බවත් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.
ඉන්දීය සාගරයේ ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීමේ වැදගත්කම ඉතා හොඳින් අවබෝධ කරගෙන ඇති බැවින්, ආර්ථික, මූල්‍ය හා සමාජයීය කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම දීර්ඝ කාලීන ඉලක්කය වන බවද වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
නව තාක්‍ෂණය දායාද කර ගනිමින්, අපනයන ආර්ථිකය අරමුණු කරගත් සමාජ රටාවක් බිහිකරලීමට ශ්‍රී ලංකාව කැපවී ක්‍රියා කරන බවද වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සදහන් කළේය.