FAST NEWS

24×7 Around the Globe

ඩෙංගු අවධානම යළිත්….සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක්

මේ දිනවල ප්‍රදේශ කීපයකට බලපවතින වැසි සහිත කාලගුණයත් සමග ඩෙංගු උවදුර සම්බන්ධයෙන් ජනතාව සැලකිළිමත් විය යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
වව්නියාව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක මේ වන විට ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බවද වාර්තා වෙයි. පසුගිය සතිය තුළ පමණක් ඩෙංගු රෝගීන් විසි දෙදෙනෙක් වව්නියාව, තේක්කවත්ත, කට්කුලම්, සුසිපුල්ලෙයාර්කුලම් ආදී ප්‍රදේශවලින් හමුවී ඇත.
ඩෙංගු අවධානම පවත්නා ප්‍රදේශවලින් පවිත්‍ර කිරීමේ වැඩසටහනක් අද (10) ආරම්භ වූ අතර පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය සහ පළාත් පාලන ආයතන ඒ සඳහා එක්ව සිටියි.