FAST NEWS

24×7 Around the Globe

රසායනික පොහොර නිසා අපි කන බත්පතේ 50%කටත් වඩා තියෙන්නේ වස..

රජරට විශ්වවිද්‍යාලයේ විද්‍යා අංශයේ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා විසින් මැනිං වෙළෙඳපොළ වෙළෙඳ සංකීර්ණයේ පැවැති ‘වස විසෙන් තොර පලතුරු වගා කරමු’ මැයෙන් සංවිධානය කර තිබූ වෙළෙඳ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනේදී අප ගන්නා ආහාර පිළිබදව අදහස් පළකර සිටියේය.
මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා,
“අපි කන බත් ඇටයෙ තමයි දැන් වැඩිපුරම විස තියෙන්නෙ. අපේ මිනිස්සු ආහාර වෙලාවන්වලදී වැඩිපුරම කන්නේ බත්. වී ගොවිතැනට යොදන රසායනික පොහොරවල ඇති ආසනික් වගේ රසායනික ද්‍රව්‍ය නිසා අපි කන බත්පතේ 50%කටත් වඩා තියෙන්නේ වස.
එක්තරා මාධ්‍ය ආයතනයකින් හෙළි කළේ පිටකොටුවේ මැනිං වෙළෙඳපොළේ විකුණන පලතුරුවලට රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කර ඇති බවයි. ඔවුන් අලෙවි කරන්නේ වස විස සහිත පලතුරු බව එම මාධ්‍ය ආයතනය මුළු රටටම පෙන්නුවා. ඒ අවස්ථාවේදී මැනිං වෙළෙඳපොළේ ව්‍යාපාරිකයෝ මාධ්‍ය ආයතනය සමඟ සටන් කළේ නැහැ. තමන්ගේ වැරැදි නිවැරැදි කරන්න මහන්සි වුණා.
ඇත්තටම කියනවා නම් මැනිං වෙළෙඳපොළ ගැන මටත් තිබුණේ වැරැදි ආකල්පයක්. මා මෙම අවස්ථාවට සහභාගි වෙනකම් හිතාගෙන සිටියේ මැනිං වෙළෙඳපොළේ කටයුතු කරන්නේ දාමරිකයන් වැනි පුද්ගලයන් පිරිසක් බවයි. නමුත් මෙම ස්ථානය වෙත පැමිණීමෙන් මෙතෙක් එල්බගෙන සිටි වැරැදි ආකල්පයෙන් මිදීමට හැකිවුණා.
මේ වනවිට පිටකොටුව මැනිං වෙළෙඳපොළේ පිරිස රටට වෙන්න යන විනාශය දැකලා මේ රටේ මිනිසුන්ට අවශ්‍ය ගුණාත්මක පලතුරු ටික ලබාදෙන්න කටයුතු කරන බව සහතික වුණා. පිටකොටුව වෙළෙඳසලෙන් නෙවෙයි මුළු රට තුළම දැන් විකුණන්නේ වස විස. අවුරුද්දකට වකුගඩු රෝගීන් ලක්ෂයක් බිහිවෙනවා. අපි දිගින් දිගටම මේ පිළිබඳ පරීක්ෂණ කළා. ඒ ඔස්සේ ලබාගන්නා අවසන් ප්‍රතිඵලය තමයි ගොවිතැනට යොදන කෘමිනාශක තමයි මේ සියල්ලටම හේතුව බව.