FAST NEWS

24×7 Around the Globe

රටේ නීතියක් නැති නිසා සීනිගම හෙට දේව කන්නලව්වක්…

වර්තමානය වන විට රට තුළ නීතියක් නොමැති නිසා සීනිගම දේවාලයට හෙට (11) ගොස් දේව කන්නලව්වක් සිදුකර පොල් ගැසීමට ඒකාබද්ධ විපක්ෂය සැලසුම් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
මන්ත්‍රීවරයා මේ බව සදහන් කර සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
පොලීසිය ඇතුළු රජයෙන් ජනතාවට නීතියෙන් සාධාරණයක් ඉටු නොවන බැවින් දෙවියන්ට කීමට හැර වෙනත් යමක් ඉතිරිවී නොමැති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
සීනිගම දේවාලයේ දේවකන්නලව්ව සිදුකරන අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ මන්ත්‍රීවරුන් ඇතුලු පිරිසක් සහභාගීවීමට නියමිතව ඇත.