මෙරට බන්ධනාගාර නිලධාරීන්ගෙන් තුනෙන් එකක් මානසික විඩාවෙන් පෙළෙන බව නවතම සමීක්ෂණයකදී හෙළි වී තිබේ.
බන්ධනාගාර නිළධාරීන් ලෙස ප්‍රධාන වශයෙන් සහභාගි කරවාගෙන ඇත්තේ බන්ධනාගාර නියාමකවරුන් වන අතර බන්ධනාගාර නිළධාරීන් හා පුනරුත්තාපන නිළධාරීන් 1803 ක් මෙම සමීක්ෂණය සඳහා සහභාගී කරවාගෙන ඇත.
මෙම නවතම සමීක්ෂණයට අනුව බන්ධනාගාර නිලධාරීන්ගෙන් 38.8% ක් පෞද්ගලික නිපුණනතාවය අඩු වීම පිළිබඳ හැඟීමකින් පෙළෙන බව අනාවරණය වී ඇති අතර මානසික වෙහෙස ගතිය පෙන්නුම් කළ ප්‍රතිශතය 98.6% කි. මීට අමතරව සිය සේවාලාභීන් පිළිබඳ සෘණාත්මක හැඟීම් ඇති වීම හා ඔවුන්ගෙන් ඈත්වීම අත්දුටු ප්‍රතිශතය 26.9 % ක් බව අනාවරණය වී තිබේ.
මෙම සමීක්ෂණයට දායක කරගෙන ඇති බන්ධනාගාර වන්නේ වැලිකඩ , මහර , දුම්බර, ගාල්ල, බූස්ස, පෙළොන්නරුව, බදුල්ල, වාරියපොළ, කුරුවිට, කළුතර , මීගමුව, කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාර, කන්දේවත්ත, වීරවිල, වටරැක, කුරුවිට, වාරියපොළ යන වැඩ කඳවුරු මෙන්ම පල්ලේකැලේ එළිමහන් සිර කඳවුර, අඹේපුස්ස, හබෝද නෙත් සෙවන , වටරැක තරුණ වරදකරුවන් සඳහා වූ පුහුණු මධ්‍යස්ථාන වල සේවය කරන්නන්ය.
වෛද්‍ය නිමාලි විජේවර්ධන මහතත්මිය ‘බන්ධනාගාර නිළධාරීන්ගේ මානසික දාහය‘ පිළිබඳ කළ විද්‍යාත්මක සමීක්ෂණයකදී මෙම තොරතුරු අනාවරණය වී ඇති අතර එහි අන්තර්ගතය පිළිබඳ බන්ධනාගාර නිළධාරීන් දැනුම්වත් කිරීම හා එම සමීක්ෂණ වාර්තාව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය සහ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට පිළිගැන්වීමේ උත්සවයේදී මෙම තොරතුරු අනාවරණය විණි.
එම උත්සවයේදී අදහස් දක්වමින් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරිය සඳහන් කළේ දවස පුරා බන්ධනාගාර රැඳවියන් අතර සිටින නිලධාරීන් වගකීම් සහිතව රාජකාරී කටයුතු කිරීමේදී ඔවුන්ට මානසික ආතතීය ඇති විය හැකි බවයි. එමෙන්ම වෙනත් රැකියාවන් මෙන් නොව බන්ධනාගාර නිලධාරීන් ඉතා ඉවසීමකින් , වගකීමකින් යුතුව කටයුතු කළ යුතු පිරිසක් නිසා ඔවුන් ආතතියෙන් මිදී රාජකාරී කළ යුතුබවද සඳහන් කළාය.
රැදවියන්ගේ ලෙඩ රෝග , බෝවන සහ බෝ නොවන රෝග සම්බන්ධයෙන් සොයා බලා ප්‍රතිකාර සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශාල සහය ලැබෙන බවත්, බන්ධනාගාර රෝහල්වලට අවශ්‍ය පහසුකම් සැපයිම සඳහා ඉදිරියේදී අවශ්‍ය කටයුතු කර බවත් සඳහන් කළ අමාත්‍යවරිය බන්ධනාගාර නිලධාරීන්ගේ කැපවීම ඉතා අගය කරන බවත් සඳහන් කළාය.