FAST NEWS

24×7 Around the Globe

මාරාන්තික HIV ට එරෙහිව එන්නතක්…

මාරාන්තික එච්.අයි.වී වෛරසයට එරෙහිව එන්නතක් සොයාගැනීමට විද්‍යාඥයින් කණ්ඩායමක් සමත් වී ඇත.
මෙම එන්නත සොයාගැනීමට සමත් වී ඇත්තේ හාඩර්ඩ් වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්ය ඩෑන් බාරෝච් ප්‍රමුඛ විද්‍යාඥයින් කණ්ඩායමක් විසින්. ඉම්බොකොඩෝ නමින් නම් කර ඇති මෙම එන්නත පිළිබදව තවමත් පර්යේශණ සිදුකරනු ලබයි.
වදුරන් යොදාගනිමින් සිදුකළ පරික්ෂණයකදී වදුරන් තුනෙන් දෙකකට එච්.අයි.වී වෛරසය පරාජය කිරීමට හැකිවී ඇත.
එච්.අයි.වී ආසාදිත කාන්තාවන් 2600 කට එන්නත ලබා දී තිබෙන අතර එහි ප්‍රතිඵල වසර 2021 දී දැකගත හැකි බව විද්‍යාඥයින් පවසා සිටියි.