FAST NEWS

24×7 Around the Globe

රටට අවශ්‍ය සෘජු තීරණ ගන්න ඒකම නායකයා ගෝඨාභය රාජපක්ෂ…

මනා දර්ශනයක් ඇති ඍජු තීරණ ගන්නා නායකයෙකු රටට තෝරා පත්කර ගත යුතු බවත්, ගෝඨාභය රාජපක්ෂ මහතා ඊට එකම සුදුස්සා බවත් ‘‘හරිමග’’ සංවිධානයේ නිර්මාතෘ විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සදහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ (07) වනදා කොලොන්නාව රජ මහා විහාරයේ පැවති ‘හරිමග’ සමාරම්භක සමුළුව අමතමින්.
මීට අමතරව සම්මන්ත්‍රණය අමතමින් ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා මර්දනය කිරීමට ඇතැමුන් උත්සහ දරමින් සිටින බවයි.