FAST NEWS

24×7 Around the Globe

ජනපතිගෙන් මව්පියන්ට පණිවිඩයක්…

භෞතික වශයෙන් රට තුළ සිදු කරන පුළුල් සංවර්ධන කාර්ය මෙන්ම ජනතාවගේ ආධ්‍යාත්මික ගුණ වගාව ඇති කිරීම සඳහා ද පුළුල් වැඩසටහනක් අද අවශ්‍ය බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි.
ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ පොළොන්නරුව පුලස්තිගම ප‍්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට සහභාගී වෙමින්.
එමෙන්ම, ආගමික පරිසරයෙන් ඈත්වූ ජනතාව නැවත ආගමික ස්ථාන කරා සමීප කරවිය යුතු බවත් සමාජ ව්‍යසනයන්ගෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා ආණ්ඩුවට පෙර පළමුව පියවර ගත යුත්තේ මව්පියන් බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි.