FAST NEWS

24×7 Around the Globe

වැඩි මිලට ඉන්ධන ගත් පාරිභෝගිකයන්ට එම මුදල නැවත ලබාදෙන්න..

පසුගියදා ඉන්ධන මිල ඉහළ දමා නැවතත් පහළ දැමීම පාරිභෝගිකයන්ට සිදුවූ බලවත් අසාධාරණයක් බැවින් එම වැඩිපුර මුදල් යළි පාරිභෝගිකයන් හට ලබා දීමේ වැඩපිළිවෙලක් යොදන ලෙස පාරිභෝගික අයිතීන් පිළිබඳ ජාතික ව්‍යාපාරය ජනාධිපතිවරයාට ලිපියක් මගින් දැනුම් දී තිබේ.
පසුගිය 05 දා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දමන බවට මුදල් අමාත්‍යංශය මගින් නිවේදනය කෙරූ අතර 06 වන දින සිට පාරිභෝගිකයන්ට ඉන්ධන නිකුත් කර ඇත්තේ එම නව මිල ගණන් යටතේ බව එකී ලිපියෙන් අවධාරණය කර ඇත.
එමෙන්ම පසුගිය 06 දා දහවල් වන විට ඛණිජ තෙල් අමාත්‍යවරයාගේ උපදෙස් මත එම මිල වැඩිකිරීම අවලංගු කරන ලද බවත් මින් පාරිභෝගිකයන්ට සිදුවූ බලවත් අසාධාරණය පිටු දැකීම පිණිස එම වැඩිපුර අයකළ මුදල යළි පාරිභෝගිකයන් හට ලබා දෙන ලෙසත් එම සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.