FAST NEWS

24×7 Around the Globe

අලි මිනිස් ගැටුමින් අලි 79 ක් – පුද්ගල මරණ 17 ක්..

මෙම වසර ආරම්භයේ සිට ‍ගෙවීගිය මාස 05 ක කාලය තුලදී අලි මිනිස් ගැටුමින් අලි ඇතුන් 79 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි.
මීට අමතරව අලි ඇතුන් පහරදීමෙන් පුද්ගල මරණ 17 ක් සිදුවී ඇත.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන ආකාරයට අලි මිනිස් ගැටුම හේතුවෙන් අලින් හා මිනිසුන් වැඩි වශයෙන් මරණයට පත්වී තිබෙන්නේ රාත්‍රී කාලයේදී බවද වාර්තා වෙයි.