FAST NEWS

24×7 Around the Globe

තායි ලෙනේ සිරවූ ළමුන් බේරාගැනීම කෙටි කාලයකට නවතයි..

තායිලන්තයේ චියංරායි ප්‍රාන්තයේ තාම් ලුවන් ලෙන් සංකීර්ණයේ සිරවී සිටින යොවුන් පාපන්දු කණ්ඩායමේ ළමයින් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු බේරාගැනීමේ මෙහෙයුම මේ වනවිට තාවකාලිකව නතර කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ළමුන් බේරාගැනීමේ නිරත සහන කණ්ඩායම්වලට අවශ්‍ය ඔක්සිජන් සහ වෙනත් උපකරණ සපයා ගැනීම සඳහා මෙම තාවකාලික ක්‍රියාමාර්ගය ගෙන ඇත.
ඊයේ (08) දිනය වනවිට සිරවී සිටි පිරිස අතරින් ළමයින් හතරදෙනෙකු නිරුපද්‍රිතව බේරාගැනීමට සමත් විය.
ඉදිරි පැය කිහිපය තුළ යළි මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතව ඇත.