FAST NEWS

24×7 Around the Globe

රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් හට නව නිළ ඇදුමක්..

රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ නිලධාරිනියන් හට නව නිළ ඇදුමක් ලබාදී ඇත. මෙම නව නිල ඇඳුමින් සැරසී සෞඛ්‍ය නිළධාරිනියන් කීපදෙනෙක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා හමුවන්නට ගියේය.
යතුරුපැදියෙන් ගමන් කරන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ ජීවිත මෙම නව නිල ඇඳුම මගින් සුරක්‍ෂිත වන බවත්, මෙවැනි නිල ඇඳුමක්‌ ලබාදීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාට සිය ස්‌තූතිය පිරිනමන බවත් රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්‌කු මහත්මිය සදහන් කළාය.