රජයේ සංහිඳියා වැඩපිළිවෙළ විවේචනය කරමින් හා ත්‍රස්‌තවාදීන්ගේ ක්‍රියා අගය කරමින් ප්‍රකාශ සිදු කරන අවස්‌ථාවාදී දේශපාලනඥයන්ට ඇතැම් විශ්‍රාමික හමුදා නිලධාරීන්ට හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීත්ව යුද හමුදා කඳවුරුවලට ඇතුළු වීමට අවසර නොදෙන ලෙස දන්වා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් සියලුම හමුදා කඳවුරු වෙත ලිපියක් යවා තිබේ.
මෙරට තිස් වසරක යුද්ධය නිමා කරමින් රටට පූර්ණ නිදහස දිනාදීමට යුද හමුදාව මහත් පරිශ්‍රමයක් දැරූ අතර එහිදී යුද හමුදාවේ විශාල ජීවිත සංඛ්‍යාවක් අහිමි වී තවත් විශාල පිරිසක් තුවාල ලබා පූර්ණ කාලීනව ආබාධිත තත්ත්වයට පත්වූ බව යුද හමුදාපතිවරයා යවා තිබෙන එම ලිපියේ සඳහන් වේ.
එමෙන්ම එවන් පුද්ගලයන් සහභාගි වන කිසිදු උත්සවයකට සහභාගි වීමෙන් හෝ ආධාර අනුබල දීමෙන් වැළකී සිටින ලෙසද යුද හමුදාපතිවරයා එමගින් සියලුම හමුදා නිලධාරීන්ට දැනුම් දී ඇත.
යුද්ධය නිමා වීමෙන් පසු රජයේ සංහිඳියා යාන්ත්‍රණය පණගැන්වීමට යුද හමුදාව විශාල දායකත්වයක් දෙමින් කැපවීමෙන් කටයුතු කළ බවද එමඟින් උතුරු නැගෙනහිර ජනතාවගේ හොඳහිත දිනා ගනිමින් ඔවුන්ගේ දැවෙන ප්‍රශ්න රැසකට විසඳුම් ලබාදීමට සමත් වූ බවද හමුදාපතිවරයාගේ ලිපියේ සඳහන් වේ.
ඇතැම් අවස්‌ථාවාදීන්ගේ ප්‍රකාශ නිසා සාමයට ලැදි උතුරු නැගෙනහිර ජනතාව තුළ රජය හා යුදහමුදාව පිළිබඳව තිබෙන විශ්වාසය පළුදු වී ඔවුන්ගේ සිත් තුළ යළිත් ත්‍රස්‌තවාදයේ විෂබීජ වපුරමින් තිබෙන බවද ඔවුන් කවුරුන්දැයි මේ වනවිටත් හෙළිවී ඇතැයිද යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සිය ලිපිය මගින් යුද හමුදා සාමාජිකයන්ට පෙන්වා දී ඇත.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.