FAST NEWS

24×7 Around the Globe

තායි ලෙනේ සිරවූ ළමුන් 04 ක් බේරා ගැනේ…

තායිලන්තයේ චියංරායි ප්‍රාන්තයේ තාම් ලුවන් ලෙන් සංකීර්ණයේ සිරවී සිටින යොවුන් පාපන්දු කණ්ඩායමේ ළමයින් 12 දෙනාගෙන් 04 දෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට සහන සහන සේවකයින් සමත් වී ඇත. ඉතිරි ලමුන් 8 දෙනා බේරා ගැනීමේ මෙහෙයුම් මේ වන විට අඛන්ඩව ක්‍රියාත්මක බව තායිලන්ත බලධාරීන් සදහන් කරයි. මේ සදහා පලපුරුදු ගුහා කිමිදුරුවන් 13 දෙනෙකු එක්ව සිටියි.
බේරාගත් ළමුන් 04 දෙනා ලෙන ආසන්නයේ ඇති රෝහලකට මූලික ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.