FAST NEWS

24×7 Around the Globe

එංගලන්ත හා ක්‍රෝඒෂියාව අවසන් පුර්ව වටයට..

2018 ෆීපා පාපන්දු කුසලාන තරගාවලියේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට එංගලන්තය හා ක්‍රෝඒෂියාව ඊයේ (07) සමත් විය.
ස්වීඩනය සමග තරග කල එංගලන්තය ගෝල 2 – 0 ක් ලෙස ජය හිමිකර ගත්තේය.
රුසියාව සහ ක්‍රෝඒෂියාව සමග පැවති තරගයේ නියමිත කාලය අවසානයේදී කණ්ඩායම් 2 කම ගෝල දෙක බැගින් ලබා සම තත්වයේ පසුවිය.
එබැවින් දඩුවම් පහර මගින් තරගයේ ජයග්‍රාහකයා තීරණය කෙරුණි.
මේ අනුව දඩුවම් පහර 3 ට 4 ක් ලෙස තරගය ජය ගැනීමට ක්‍රෝඒෂියාව සමත් විය.
පාපන්දු කුසලාන අවසන් පුර්වවටයට ප්‍රංශය / බෙල්ජියම / ක්‍රෝඒෂියාව සහ එංගලන්තය සුදුකම් ලබා සිටියි.
තරගාවලියේ පලමු අවසන් පුර්ව තරගය ප්‍රංශය සහ බෙල්ජියම අතර ලබන අගහරුවාදා පැවැත්වෙයි.
දෙවන අවසන් පුර්ව තරගය ලබන බදාදා පැවැත්වෙන්නේ ක්‍රෝඒෂියාව සහ එංගලන්තය අතරය.
De සිල්වා