FAST NEWS

24×7 Around the Globe

ජපානයට බලපෑ ගංවතුරින් 38 ක් මරුට…

බටහිර සහ මධ්‍යම ජපානයේ පවතින දැඩි වර්ෂාවත් සමග ඇති වූ ජල ගැලීම්වලින් මේ වන විට පුද්ගලයින් 38 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තවත් 50 කට වැඩි පිරිසක් තවමත් අතුරුදන්ව ඇති අතර මෙම ආපදා තත්ත්වයත් සමග මිලියන 1.6ක පිරිසක් සිය නිවාසවලින් ඉවත් කර දැමීමට පියවර ගෙන ඇත.
මෙම ජල ගැලීම් සමග ඉදිරියේදී නායයාම් සහ දැඩි සුළං ද ඇතිවිය හැකි බව ජපාන කාලගුණ විද්‍යා බලධාරින් අනතුරු අඟවයි.