FAST NEWS

24×7 Around the Globe

තායිලන්ත බෝට්ටු අනතුරෙන් මිය ගිය 37 කගේ සිරුරු හමුවෙයි..

තායිලන්තයේ ෆූකට් දිවයිනට නුදුරින් අනතුරට ලක්වූ සංචාරක යාත්‍රාවක සිටි 37 දෙනෙකුගේ මළ සිරුරු මේ වන හමුවී ඇති අතර 18 දෙනෙකු තවදුරටත් අතුරුදන්ව ඇත.
ඊයේ (06) මෙම යාත්‍රාව ප්‍රචණ්ඩ මුහුදු රළ මධ්‍යයේ අනතුරට ලක්වූයේ චීන සංචාරකයන් ඇතුළු 100කට වැඩි පිරිසක් සමඟයි. මෙම මළ සිරුරු සොයාගෙන ඇත්තේ අනතුරට ලක්වූ ස්ථානයේ සිට කිලෝමීටර් කිහිපියක් ඈත මුහුදු ප්‍රදේශයෙන්.
ෆීනික්ස් නම් මෙම යාත්‍රාව අඩි 15ක් පමණ උසැති රළ පහරකට හසුවීමෙන් අනතුරුව මෙම අනතුර සිදුවී ඇත.