FAST NEWS

24×7 Around the Globe

මාධ්‍ය වාරණයක් කරන්නෑ……මංගල කියයි

මාධ්‍ය වෙත ලබා දී ඇති නිදහස අඩු කරමින් වෙබ් අඩවි හෝ සමාජ මාධ්‍ය වාරණයට වත්මන් රජය කිසි ලෙසකින්වත් උත්සාහ නොකරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සදහන් කරයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ‘ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල 2018’ හඳුන්වාදීම වෙනුවෙන් එම අමාත්‍යාංශයේදී ඊයේ (6) පැවති උත්සවයක් අමතමිනි.
වර්තමානයේදී අසත්‍ය ප‍්‍රවෘත්ති පළවීම විශාල අභියෝගයක් වී ඇති බව කී අමාත්‍යවරයා ඒවා වැළැක්වීමට නම් කළ යුත්තේ මාධ්‍ය වාරණය නොව ජනමාධ්‍ය නිවැරදිව භාවිතා කරන අය අගය කිරීම බව ද සඳහන් කළේය.
නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළවූ ප‍්‍රවෘත්තිය අසත්‍ය නම් හිටපු ජනාධිපතිවරයා කළ යුත්තේ එයට එරෙහිව නඩු පැවරීම මිස මෙරට මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම හෝ චීනයෙන් චරිත සහතික ලබාගැනීම නොවන බව ද අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටියේය.
තමාට මෙවැන්නක් වූයේ නම් වැයවන මුදල් ගැන නොසිතා එම පුවත්පතට එරෙහි ක‍්‍රියාමාර්ග ගෙන තම නාමය ආරක්‍ෂා කරගන්නා බව ද අමාත්‍යවරයා කියා සිටියේය.