FAST NEWS

24×7 Around the Globe

කැනඩාවේ 33 ක් දැඩි උණුසුම හේතුවෙන් ජීවිතක්ෂයට…

කැනඩාවේ කුවිබෙක් ප්‍රාන්තයේ දකුණුදිග ප්‍රදේශයේ පැතිරෙන උණුසුම් වා දහරා හේතුවෙන් පුද්ගලයන් 33 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි
මේ හේතුවෙන් දිනෙන් දින මරණ සංඛ්‍යාව ඉහළ යන අතර, මියගිය බහුතරයක් වයස අවුරුදු 50 ත් 80ත් අතර පුද්ගලයන් වේ.
පසුගිය සිකුරාදා සිට මෙහි උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 35 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉහළ ආර්ද්‍රතාවක් ද පවතින බව සදහන්.
එම ප්‍රාන්තයේ නගරාධිපතිවරයා ජනතාවට පිහිනුම් තටාක සහ වායු සමීකරණය කළ ස්ථාන විවෘත කර ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.