FAST NEWS

24×7 Around the Globe

ජනපති ලේකම් ධුරයෙන් ඉවත්වූ ඔස්‌ටින් ප්‍රනාන්දු මහතාට ප්‍රබල රටක තනතුරක්‌..

ජනාධිපති ලේකම් ඔස්‌ටින් ප්‍රනාන්දු මහතා සිය ධුරයෙන් ඊයේ (05) ඉල්ලා අස්‌වූ අතර ජනාධිපති ලේකම් තනතුරින් ඉල්ලා අස්‌වූ ඔස්‌ටින් ප්‍රනාන්දු මහතාට ප්‍රබල රටක තානාපති තනතුරක්‌ ලබාදීමට යන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස්‌වීම පිළිබඳව හෙතෙම පසුගිය මස 11 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක්‌ කර ඇත.
නව ජනාධිපති ලේකම් ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ පරිපාලන සේවා නිලධාරීන් කීපදෙනකුගේ නම් යෝජනා වී තිබේ.