FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධයේ සියලු මන්ත්‍රීවරුන් නිතිපතා පාර්ලිමේන්තුවට පැමිණිය යුතුයි..

ඒකාබද්ධ විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් නිතිපතා පාර්ලිමේන්තු පැමිණිය යුතුයැයි උපදෙස් ලබාදීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇත.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට තිබෙන වැදගත්ම ස්ථානය පාර්ලිමේන්තුව බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් ඉකුත් දිනකදී හමුවූ අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
සෑම පාර්ලිමේන්තු දිනකදීම මන්ත්‍රීවරුන්ගේ පැමිණීමේ වැදගත්කම පැහැදිලි කර තිබෙන මහින්ද රාජපක්ෂ මහතා පසුගිය කාලයේදී තමන්ගේ කණ්ඩායමට වැරදුණු අවස්ථාවක් ලෙස පාර්ලිමේන්තුව අමතක කිරීම සැලකිය හැකියැයි සඳහන් කර තිබේ.
ඉදිරියේදී එවැනි දුර්වලකම් හඳුනාගෙන නිවැරදි විය යුතු බවත්,මේ සම්බන්ධව ඉතා ඉක්මනින්ම පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම දැනුම්වත් කරන බවත් හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.